ඔන්න හා.. හා ..පුරා කියල මුලින්ම කියන්න යන්නේ වර්තමානයේ අපි හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන ....රථ වාහන කියන්නේ මොනවද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ නේ..... අපි හැමෝම දන්නවා මේ වාහන අපේ එදිනෙදා ගමන් බිමන් වලට,භාණ්ඩ ප්රවාහනයට,තව නොයෙක් නොයෙක් දේවල් වලට ප්රයෝජනවත් වෙනවා කියලා ...ඉතින් එදා වගේ නෙමෙයි අද දවසේ නිපදවන වාහන වල ගමන් කරන මගීන් වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් ලැබෙන විදියට තමයි නිෂ්පාදකයෝ මේවා හදන්නේ ...ඒ කොහොම හැදුවත් ..අනතුරු සිද්ද වෙන එකනම් අඩුවක් නැ ...ඒ වගේම තමයි මියයන හා තුවාල සිදුවෙන ප්රමාණයත් වැඩි වෙනවා....
ඉතින් මගේ අරමුණ වෙන්නේ ගිනි භටයෙක් වශයෙන් මේ වගේ අනතුරකදී කටයුතු කරන්න ඕනෑ කොහොමද කියලා සරලව පැහැදිලි කරන්න ..මොකද මේ වගේ අවස්ථාවක අපි ගන්න තීන්දු ,තීරණ මත තව බොහෝ දෙනකුගේ ජීවිත බේරෙන්න නැත්නම් නැති වෙන්නත් පුළුවන් ...එහෙනම් කතන්දර නවත්තලා කොහොමද වැඩේ කරන්නේ කියලා බලමු නේද ..
රථ වාහන අනතුරකදී ක්රියා කලයුතු ආකාරය කෙසේද කියලා ලෝකේ... මේ සම්බන්දව ක්රියා කරන ආයතන එකතුවෙලා පොදු ක්රියා වලියක් හදලා තියෙනවා ...එය ඔවුන් විසින් හදුන්වා දී ඇත්තේ SAVER යන නාමයෙන් ..පහත ෆොටෝ එකෙන් ඔබට එය පැහැදිලි වෙනවා .. මෙය systematic approach to victim entrapment rescue ලෙසත් හැදින් වෙනවා ..
මෙහිදී ..අනතුරට පත් රෝගියාව අදියර 7 යටතේ බේරා ගන්නා ආකාරය ඔවුන් විසින් හදුන්වා දී ඇත ..පළමු අදියර .............APPROACH.... අනතුරට ලගා වීම ..
මෙහෙදී ඔබට පැහැදිලි වනවා ඇති ගිනි නිවන රථ ,ගිලන් රථ ,පොලිස් රථ ආදිය ..අනතුර සිදුවී ඇති ස්ථානයේ සිට කොපමණ දුරකින් නවත්වනවද,අනතුර සිදු වී ඇති ස්තානයට ලගා වන්නේ කවුරුන්ද,කෙසේද යන්න ...
දෙවන අදියර .. Risk control / stabilisation
තව දුරටත් සිදුවිය හැකි අනතුරු පාලනය කිරීම හා අනතුරට පත් වාහන ස්ථායි කිරීම ..
එනම් ...මෙහිදී ..කරනු ලබන්නේ අනතුරට පත් වාහනය තුල මගීන් කොපමණ දෙනෙක් ඉන්නවද ,වාහනයේ ඉන්දන කාන්දු විමක් තියේද,කිසියම් අන්තරාකාරී ද්රව්යන් තිබේද ,ආදිය ගැන තොරතුරු ලබා ගැනීමයි ..වාහනය ස්ථායි කිරීම තලින් අදහස් වන්නේ ..අනතුරට පත් වාහන තව දුරටත් පෙරලේද ,සෙලවේද යන්න පිළිබද සොයා බැලීමයි ..මෙසේ ස්ථායි කිරීම මගීන් ගිනි භාටයටත් ,වාහනය තුල සිටින රෝගීන් ටත් තව දුරටත් සිදුවිය හැකි අනතරු වලක්වා ගත හැකිය.
මෙහිදී වාහනයේ බැටරි වයර් විසන්දි කිරීම,රෝද වල හුලං ඇරීම යන ආදියද කල යුතුය .... chocks & blocks, hydraulic wedges යන උපකරණ යොදා ගෙන වාහන ස්ථායි කරන ආකාරය පහත ෆොටෝ වලින් බලන්න
නෝ ..කොමෙන්ට් කියන්නේ එක්කෝ ලිපිය කියවලා නැ ..කට්ටිය ..නැත්නම් ලිපිය වැඩක් නැ ...කියන එකද කියලත් හිතෙනවා ..කමක් නැ මම මගේ වැඩේ කරනවා ..ඔයාලට පොඩි හරි උපකාරයක් වෙයි කියලා ..මගේ බ්ලොග් එකෙන් ...
ReplyDeletegodak wedagath me blog eka..puluwan nam digatama karagena yanna.hari watinawa mewa saamanya ayatath.. field eke inna kattiyatath..
ReplyDelete