පලවන කොටස ලියලා ගොඩක් දවස ගියා දෙවන කොටස ලියන්න ..ටිකක් කල් ගියේ ලියන්න කිසිම ෆිට් එකක් නැ වගේ ..මොකද බ්ලොග් එක වැඩිය කවුරුවත්ම බලන්නේ නැ වගේ හිතුන නිසා ...කමක් නැ . ටික දෙනෙක් හරි බලයි කියන අදහසින් මම ලියනවා ...
දෙවන අදියර .. Risk control / stabilisation වලටම අදාල තවත් ෆොටෝ ටිකක් තියෙනවා ..පහලින්
තෙවන අදියර Gaining access .....රෝගියා වෙත ලගා වීම......
මෙහිදී ප්‍රතමාධාර සම්බන්ද ..පුහුණුව ලත්(EMT) ගිනි භටයන් විසින් රෝගියා වෙත ලගා වීම හා ..මේ සදහා අවශ්‍ය ප්‍රවේශ මාර්ගය සාදා ගැනීම සිදු කරයි ..

හතරවන අදියර Trauma care .... ලෙස හදුන්වයි ....
මෙහිදී රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීම සිදු කරයි ... ඔහුට ..Neck collar, KED ආදිය යෙදීම,ඔවුන්ට අවශ්‍යනම් ඔක්සිජන් ලබාදීම,රෝගියාව අස්වැසීම යනාදිය සිදු කරන අතර .. වාහනයේ ඇති වීදුරු කැබලි රෝගීන් මත වැටීමට ඉඩ ඇති නිසා රොගීන් සිටින ප්‍රදේශය ඝන ප්ලාස්ටික්..ආවරණයකින්..ආවරණය කර ගත යුතුය ...
පස්වන අදියර ....Creating space..... රෝගියාව වාහනයෙන් ඉවතට ගැනීම සදහා අවශ්‍ය ඉඩ සකසා ගැනීම
EMT ගිනි භටයින් විසින් රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙන අතර තුර අනෙකුත් ගිනි භටයන් ..විසින් වාහනය තුල සිරවී සිටින රෝගීන්ව එලියට ගැනීම සදාහා අවශ්‍ය වන මාර්ගය සාදා ගැනීම සිදු කරයි .මේ සදහා hydraulic cutter. hydraulic spreader, hydraulic ram, kombi cutter….seat belt cutter,glass cutter,යන නොයෙක් උපකරණ භාවිතයෙන් වාහනය කැපීම ,අනතුර නිසා ඇකිලී ඇති කොටස් නැවත පුළුල් කිරීම ආදිය සිදු කරයි
හය වන අදියර ...Extrication....රෝගියා වාහනයෙන් ඉවතට ගෙන ගිලන් රථ මගීන් රෝහල වෙත පිටත් කර යැවීම .....
අවසාන අදියර (7)...Evaluation..
මුදවා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ද සියලුම ගිනි භටයන් සහ නිළදාරින් එක්ව තම තමන් ක්‍රියා කල ආකාරය ගැන ,මුහුණ දීමට සිදු වූ ගැටළු ,සිදු වූ අතපසු වීම ඇත්නම් ඒවා ,නැවත මෙවැනි සිදු වීමකදී ක්‍රියා කල යුතු ආකාරය ආදිය ගැන ඇගයීමකට ලක් කිරීම ...මේ තුලින් නැවත මෙවැනි අනතුරකදී කාර්යක්ෂමව ක්‍රියා කල යුතු ආකාරය පිලිබදව අදහස් ලබා ගැනීමට පුළුවන්ය ..
සැ : යු :- මෙම ලිපිය සම්බන්ධයෙන් ඔබගේ ..යෝජනා ,චෝදනා ..සතුටින් භාර ගැනීමට කැමැත්තෙමි ...(Teri Ranjith)









No comments:
Post a Comment