IP

12/10/2011

පොදු සතුරා .....ඒ කිව්වේ ගිනි ගින්දර ...(FIRE)

ඔන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ අද පොඩි පොස්ට් එකකුත් අරගෙන.අද කියන්න යන්නේ අපි හැමෝගෙම පොදු සතුරා ..ඒ කිව්වේ ගින්දර ගැන හොදේ .අපේ සතුරෙක් උනාට ගින්දර සමහර අයටනම් මිතුරෙක් වෙන වෙලාවලුත් තියෙනවා. ඔය සමහර අය  ගිනි දෙනවා , සමහර අය ගිනි කනවා වගේ දේවලුත් කරනවනේ.ඉස්සර මිනිස්සු ගින්දර දෙවියෙක් කියලා හිතලා පුද පූජා එහෙමත් කළා කියනවනේ.  කොහොම නමුත් ලෝකෙට මුලින්ම ගින්දර හොයා ගත්තේ නැත්නම් අද අපි මෙච්චර දියුණු නොවෙන්නත් ඉඩ තිබුනා.අනික අපිටත්  එහෙනම් කරන්න වෙන්නේ වෙන ජොබ් එකක්නේ නේද?.ඇයි ඉතින් ගින්දර නැතිව ෆයර්මන්ලා මොකටද. ඒ ගැන පස්සේ වෙලාවක කතා කරමු.

අපි හැමෝම  ගිනි භටයෝ වශයෙන් ගින්න ගැන ගොඩක් දේවල් දන්නවා.ඒක මට ෂුවර්.එත් මම අද කියන්න යන දේ ගැන නොදන්නා අයත් ඉන්න පුළුවන්.ඇත්තටම මමත් මේ කරුණු ගැන දැන ගෙන හිටියේ නැ කලින්. ඔන්න එහෙනම් විස්තරේ කියවලාම බලන්නකෝ.
FIRE කියන්නේ මොකක්ද කියලා පොඩි හැදින්වීමක් දාන්නම් මම.නමුත් මේක වගේම තව ගොඩක් හැදින්වීම් තියෙනවා ගින්දර ගැන හොදේ. හැම එකේම අදහස ගොඩක් දුරට සමානයි.

FIRE :- Combustion or burning, in which substances combine chemically with oxygen from the air and typically give out bright light, heat, and smoke.

English වලින් තිබුනට මේක හරිම සරල නිසා ඕනෑ කෙනකුට පහසුවෙන් තේරුම ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.(එහෙම කිව්වට මටත් ඉන්ග්ලිෂ් බැ හොදේ.) ෆයර් කියන වචනේ තේරුම ගැන අපි දන්නවා උනාට මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි වැඩිය හිතුවේ නැ නේද.එහෙනම් ඔන්න බලන්න කොහොමද Fire  කියන වචනේ හැදිලා තියෙන්නේ කියලා.

                                                 
                                                   Find
                                                      Inform
                                                         Restrict 
                                                            Extinguish


Find :- 
Find is to be fire conscious and not ignore any possible sings of the fire. If the fire brake out, the most important aspect of fire fighting is to take immediate, positive and correct action.

Inform :-
Raise the alarm, if possible send someone else to raise the alarm and tackle the fire your self, try to extinguish the fire if it is small enough with a portables extinguisher, speed is essential  as the fire may  rapidly become uncontrollable.

Restrict :- 
Confine the fire to the smallest possible space, until the main fire fighting parties are organized. Doors must be close and ventilation restricted prevents the fire from spreading to another compartment.

Extinguish :-
First contain the fire and then try to extinguish. so that the fire does not have the chance to spread to another area.

ඔන්න  ඔය විදියටයි යාලුවනේ ..මට හොයාගන්න පුළුවන් උනේ FIRE  කියන වචනේ හැදිලා තියෙන හැටි.මෙයට වඩා වෙනස් විදිත් තියෙන්න පුළුවන් හොදද. එහෙම වෙනස් අදහසක් දන්නවනම් කවුරුහරි අපි හැමෝටම දැන ගැනීම පිණිස ඔබේ දැනුම බෙදලා දෙන්න කියලා මම ඉල්ලනවා.ඔබට ඒ සදහා ඉඩක් මගේ බ්ලොග් එකේ වෙන්කරලා දෙන්න මම සූදානම් ඕනෑ වෙලාවක. teriranjith@gmail.com මගේ ඊ මේල් එකට ඔයාලගේ ලිපි එවන්න.මම එය ඔබේ නමින්ම පල කරන්නම් ...ස්තුතියි ...

ලිපිය ඉවර කරන්න යද්දී තවත් තොරතුරු ටිකක් හම්බ උනා,ඒකත් අපි හැමෝටම වැදගත් වෙයි කියලා මට හිතෙනවා.මොකක්ද දන්නවද ...FIREMAN කියන වචනේ හැදිලා තියෙන්න කොහොමද කියලත් හොයා ගන්න පුළුවන් උනා.ඔන්න එහෙනම් ඒකත් බලලම යන්න.

FIREMAN


F :- faithful ( විශ්වාසී,නිවැරදි,භක්තිමත් )

I :- intelligent ( උගත්,බුද්දිමත්, )

R :- reliable ( විශ්වාස කල හැකි )

E :- efficient ( කාර්යක්ෂම,ප්‍රවීණ )

M :- manful ( දැඩි,නිර්භීත )

A :- ambitious ( අපේක්ෂා සහිත,අදිෂ්ඨනය අත් නොහරින )

N :- Noble ( උධාර,උතුම්,ශ්‍රේෂ්ඨ )

අනේ  මන්දා මේ කියන හැම ගුනාන්ගයක්මනම්  අපි ලග තියෙනවද කියලා,ඒ මොනවා උනත් Fireman  කෙනෙක් වීම ගැන අපි හැමෝම සතුටු වෙනවා ඇති කියලා මම හිතනවා.ඔන්න එහෙනම් අදට පොස්ට් එක ඉවරයි.ලිපිය කියවලා බලලා හොද ,නරක කියලා පොඩි කොමෙන්ට් එකකුත් දාන්න,.........ගල්...,මල් .... දෙකම සතුටින් භාරගන්නවා හොදේ.ස්තුතියි ..හැම දෙනාටම ..........................

No comments:

Post a Comment