IP

10/22/2011

දන්න දෙයක් ගැන නොදන්නා දේවල් ටිකක් ....


අද පෝස්ට් එකේ ටොපික් ඒක බලපුවාම නම් ඔයාලට හිතෙයි ..මේක fire fighting වලට සම්බන්දද කියලා. . ඒත් උත්තරය නම් "ඔව් " කියලා තමයි මට කියන්න තියෙන්නේ ..එහෙනම් බලන්නකෝ පෝස්ට් ඒක කියවලාම මොකක්ද තියෙන්නේ කියලා ....අද කියන්න අදහස් කරන්නේ ගිනි නිවීම සදහා භාවිතා කරන පෙන (fire fighting foam) ගැන ..නමුත් මේ පෝස්ට් එකේ තියෙන්නේ පෙන වල ඉතිහාසය ගැන විස්තර ටිකක් ...ඒක නිසයි මාතෘකාව අර විදියට දැම්මේ .. හරි . මේ ගැන දැනටමත් දන්නා අයත් ඇති ..ඕනෑ තරම් ..නොදන්නා අයත් ඉන්න පුළුවන් කියලා හිතලා තමයි මේක ලියන්න හිතුවේ ..මුලින්ම කියන්න ඕනෑ මේකට මම කරුණු හොයා ගත්තේ internet එකෙන් ..ඉතින් මේකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන් මොකද මගේ english දැනීමත් පට්ට චාටර් ..හොදේ .....පරිවර්තනය කලෙත් මගේ දැනීමේ හැටියට ..හොදද ..යාලුවනේ . එහෙනම් කතා නවත්තලා පෝස්ට් එකට බහිමු නේද ....

History of Fire Fighting Foams


ගින්දර කිව්වොත් ඊලගට කියවෙන්නේ වතුර කියලා අපි හැමෝම දන්නවනේ නේද ..ඉතින් අනාදිමත් කාලයක පටන්ම ගිනි නිවීම සදහා භාවිතා කල පොදු මාධ්‍ය උනේ ජලය ...නමුත් මේ ජලය සෑම ගින්නක් නිවීම සදහාම නුසුදුසු බව කාලයත් සමග අවබෝධ වීම නිසා මේ සදහා සුදුසු විකල්ප සෙවීමට ලෝකයේ නොයෙක් දෙනා උත්සාහ ගැනීමේ ප්‍රතිපලයක් ලෙස මෙම Fire Fighting Foams සොයා ගැනීම හා එහි විකාශනය සිදුවිය.


ප්‍රථමයෙන්ම වර්ෂ 1902 දී රුසියානු ඉංජිනේරුවෙක් හා රසායන විද්වතෙක් වන Aleksander Loran මහතා විසින් Fire Fighting Foams ලොවට හදුන්වා දෙන ලදී . මෙහිදී ඔහුගේ හදුන්වා දීම මුල්තැන ගත්තේ තෙල් (oil)මගින් ඇති වන ගිනි නිවීම සදහා සුදුසු මාධ්‍යයක් ලෙස මෙය භාවිතයට ගැනීමය.එනම් මෙහිදී foam blanket එකක් යොදා වාතය කපා හැරීම තුලින් ගින්න නිවීමේ උපක්ක්‍රමය භාවිතා විය.


මෙම අවදියේ Loran මහතා ගුරුවරයෙකු ලෙස සේවයේ යෙදී සිටියා රුසියාවේ තෙල් කර්මාන්තය හා සම්බන්දව කටයුතු කරන ප්‍රදාන ආයතනය වන school of Baku යන ආයතනයේ.එහිදී ඔහු දුටුවා ගිනි භටයන් විසින් ඉතාමත් මහන්සියෙන් හා භයානක අවස්ථාවන්ට මුහුණ දෙමින් තෙල් ගිනි නිවීම කරන ආකාරය.මේ හේතුව නිසාම ඔහු උත්සාහ කළා සොයා ගන්නට එවැනිම ද්‍රවමය පධාර්ථයක්, සාර්ථක ලෙස තෙල් ගිනි නිවීම සදහා භාවිතා කල හැකි.ඔහු විසින් සිදු කල පර්යේෂණ බොහොමයක ප්‍රථිපලයක් ලෙස මෙම Fighting Foams ලොවට බිහි විය ..
ඉන් නොනැවතුන Loran මහතා විසින් ඔහුගේ අභිනව සොයා ගැනීම සදහා අදාල patent බලපත්‍රයද වර්ෂ 1904 දී ලබා ගත් අතර ලොව ප්‍රථම පෙන ගිනි නිවන උපකරණයද එම වර්ෂය තුලම නිපදවීමට ඔහු සමත් විය ......


ආරම්භයේදී පෙන නිපදවීම සදහා භාවිතා වූයේ Sodium Bicarbonate හා Aluminum Sulfate යන කුඩු වර්ග දෙකය ..මේවා ජලය සමග මිශ්‍ර කිරීම තුලින් පෙන නිපදවීම සිදුවිය.මෙය රසායනික ක්‍රියාවලියක් ලෙස සිදු වූ නිසා මේවා Chemical foam ලෙස හැදින්විය ...මෙයට අමතරව නිපදවෙන පෙන වල ස්ථායි බව තබා ගැනීම සදහා සුළු වශයෙන් Saponin හෝ Liquorice යන ද්‍රව්‍යන් දෙකද එකතු කර ගන්නා ලදී ..මෙම ක්‍රමය තුලින් නිපදවෙන Carbon Dioxide අඩංගු කුඩා බුබුළු සහිත රසායනික පෙන, ගිනි නිවීම සදහා එකල තිබූ හොදම විකල්පය විය.ඒවගේම මෙම පෙන, තෙල් හෝ ජලය යන දෙවර්ගයටම වඩා ගනත්වයෙන් (density) අඩු වූ අතර covering flat surfaces සදහා භාවිතා කිරීම පහසු විය. තවද මෙම පෙන burning liquid එකට වඩා සැහැල්ලු නිසා මතුපිටින් නිදහසේ ගලා යාමේ හැකියාවෙන්ද යුක්ත විය.නමුත් අද වන විට මෙම රසායනික පෙන අභාවයට ගොස් තිබෙන අතර මක්නිසාද යත් සුළු ගින්නකට පවා ඉතා විශාල රසායනික කුඩු ප්‍රමාණයක් පෙන නිපදවීම සදහා අවශ්‍යය වීමය.


නැවතත් වර්ෂ 1940 දී පමණ Percy Lavon Julin මහතා විසින් වැඩිදියුණු කර හදුන්වා දුන්නා තවත් පෙන වර්ගයක් ...එය Aero Foam ලෙස හැදින්විය.මෙම පෙන වර්ගය නිපදවීම සදහා ඔහු විසින් යම්කිසි යාන්තික ක්‍රියාවලියක් භාවිතා කල අතර, ඒ සදහා දියරමය ප්‍රෝටීන් පදාර්ථ සහිත සාන්ද්‍රණයක් යොදා ගනු ලැබීය.එනම් මෙහිදී Soya Protein ජලය සමග සම සමව මිශ්‍ර කිරීම සිදු කරන ලදී.මෙහි තිබූ expansion ratio ඒක හා භාවිතයේ පහසුව (ease of handling) නිසාම එකල එය ජනප්‍රිය විය.
මෙම ප්‍රෝටීන් පෙන සමහර flammable liquids සමග පහසුවෙන් contaminate වන නිසාම ගින්නකදී එය burning liquid එකට උඩින් යෙදීම සිදුකල යුතු විය. මෙම ප්‍රෝටීන් පෙන මගින් ගින්න නිවී යාම සෙමින් සිදු කෙරුන (slow knockdown) නමුත් එය ආර්ථිකමය වශයෙන් ලාබ දායක උනා post fire security යන අවස්ථාවන්ට භාවිතය සදහා.


වර්ෂ 1950 ආසන්නයේදී පමණ එංගලන්තයේ විසූ Herbert Eisner යන අය විසින් high expansion foam මුලින්ම සොයා ගත් අතර විශේෂයෙන්ම මෙම පෙන භාවිතයට ගැනුණේ ගල් අගුරු ආකර වල හටගත් ගිනි නිවීම සදහාය.ඔහු හා තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් එක්ව පර්යේෂණ රාශියක් සිදුකිරීමෙන් පසු වර්ෂ 1964 දී පමණ Walter Kidde & Company (now Kidde)යන ආයතනය විසින් මෙම පෙන සදහා අදාල patent බලපත්‍රය ලබා ගන්නා ලදී.

නැවතත් වර්ෂ 1960 දී පමණ National Foam Inc. යන ආයතනය විසින් වැඩිදියුණු කළා Fluoro Protein යන පෙන වර්ගය. මෙම පෙන වර්ගය සාමාන්‍යය ප්‍රෝටීන් පෙන වලට වඩා ගුණාත්මක බවෙන් වැඩි වූ අතර එය තුලින් නිපදවන පෙන ආවරණයේ ආයු කාලය දිගු කාලයක් වූ අතර (longer blanket life) මෙම වර්ගයේ පෙන මගින් ඉක්මනින් ගින්න නිවා දැමීමේ හැකියාවක් (fast knockdown) ඇත.මේ හේතුන් නිසාම මෙම පෙන තුලින් හොද ආරක්ෂාවක් සපයනවා කිසියම් ස්ථානයකට ඇතුල් වී මුදවා ගැනීමේ මෙහෙයුමක් (rescue) වැනි ක්‍රියාවන් වලදී.


ඉන් අනතුරුව වර්ෂ 1960 මැද භාගයේදී පමණ US නාවික හමුදාව (US Navy) මගින් වැඩිදියුණු කළා තවත් පෙන වර්ගයක්,මෙය Aqueous Film-Forming Foam (AFFF) ලෙස හදුන්වන ලදී.මෙම කෘතීම (synthetic) පෙන වල තිබූ උකු ගතිය (viscosity)අඩු නිසාම බොහෝ Hydro carbon ඉන්ධන මතුපිට ක්ෂණිකව විසිරී යාමේ හැකියාවෙන් යුක්ත විය.මෙම පෙන වල තිබූ විශ්මයජනක ගින්න නිවා දැමීමේ හැකියාව (dramatic fire knockdown ) නිසාම මේවා වඩාත් ප්‍රොයෝජනවත් වූයේ crash rescue fire fighting සදහාය.


අවසාන වශයෙන් වර්ෂ 1970 ආසන්න කාලයේදී National Foam Inc. ආයතනය විසින් නැවතත් හදුන්වාදෙනු ලැබුවා Alcohol Resistant AFFF තාක්ෂණය .මෙය AR-AFFF පෙන ලෙස හදුන්වනු ලැබීය.
මෙම වර්ගයේ කෘතීම (synthetic) පෙන hydro carbon හා polar Solvent (ධ්‍රැවීය ද්‍රාවන) යන අමුද්‍රව්‍ය දෙවර්ගයේම ඉන්ධන සදහා භාවිතයට සුදුසු ලෙස නිපදවා ඇත. polar Solvent materials ඉන්ධන වලට සම්ප්‍රධායක ගිනි නිවන පෙන (conventional fire fighting foam) විනාශ කර දැමිය හැක.එනම් මෙම solvents මගින් පෙන ද්‍රාවණයේ ඇති ජලය ඉවත් කිරීම,පෙන තට්ටුව (foam blanket) කඩා විනාශ කිරීම යනාදිය සිදු කරනු ලබයි.මේ නිසාම මෙම වර්ගයේ ඉන්ධන වල හට ගන්නා ගිනි නිවීම සදහා alcohol or polar solvent resistant foam (පෙන) අවශ්‍යය කරයි.
Alcohol resistant
පෙන පෘෂ්ටය මත උඩ පැනීමක් (bounced off of a surface),විසිරීමක් නොකරන අතර නිදහසේ තනි පටලයක් ලෙස ගලාගෙන යාමක් දක්නට ලැබේ.සම්මත තත්වයේ AFFF පෙන සමග සැසදීමේදී AR-AFFF පෙන සෘජුවම ගින්නට ඉසීම සිදු කල හැක.


මෙම ලිපිය සම්බන්දව ඔබගේ යෝජනා,චෝදනා ,සියල්ලම මගේ ඉදිරි ලිපි වලට ශක්තියක් නිසා කොමෙන්ට් එකකුත් දාලම යන්න ...ස්තුතියි ....(Teri Ranjith Gamage)

1 comment:

  1. ලිපිය කියවලා කොමෙන්ට් එවපු හෙම කෙනාටම බොහොම ස්තුතියි ..ඔබලාගේ අදහස්,උදහස් මම බොහොම අගය කොට සලකනවා ..ඒ වගේම ඉල්ලා සිටිනවා ඔබ හැම ගෙන්ම..මෙමෙ ලිපි වල කිසියම් වැරද්දක්,අඩුපාඩුවක් තිබේනම් එයත් මට දන්වන් ලෙසට ..මොකද මම නොදන්නා,මට අමතක උන ගොඩක් කරුණු ඔබ ලග තියෙන්න පුළුවන් බව මම හොදාකාරවම දන්නවා.

    තව විවෘත ආරාධනයක් කරන්න කැමතියි අපේ සොයුරන්ට ..ඔබ කැමතිනම් ඔබගේ දැනුම අනික් අය අතරේ බෙදා ගන්න ..මම කැමතියි මේ බ්ලොග් එකේ ඉඩක් ඔබ වෙනුවෙන් දෙන්න,Fire Fighting සම්බන්ධ ඕනෑම මාතෘකාවක් යටතේ ලිපියක් සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා teriranjith@gmail.com යන මගේ e-mail එකට එවන්න.මම එය ඔබගේ නමින්ම මෙම බ්ලොග් එකේ පලකරන්නම්...ස්තුතියි ..ඔබ සැමටම.

    ReplyDelete